Monday, November 6, 2017

පොලිසියත් වට කරගෙන VIP කාර් එකක් තෙල් ගහන්න ආපු වෙලාවේ පොලිසියට රෙදි ගැලවෙන්න දුන්න සුපිරි ටෝක් එක මෙන්න



තෙල් ගහන්න පෝලිමේ හිටපු මිනිස්සු පැත්තකට දාලා පොලිසියත් වට කරගෙන VIP කාර් එකක් තෙල් ගහන්න ආපු වෙලාවේ එයට විරුද්ධව නැගී සිටි සුපිරි පුගලයකුගේ වීඩියෝවක් අපිට දැකගන්නට ලැබුණා මේ වනවිට දහස් ගණනින් මේ වීඩියෝව සමාජ මාධ්‍ය තුල නරඹා හමාරයි
උදේ 6 ඉඳන් තෙල් ගහන්න පෝලිමේ ඉද්දි, පොලිසිය කරන්න ගිය කුප්ප වැඩේට විරුද්ධ වුන නියම විරුවෙක්..! මෙන්න වීඩියෝව ඔයාලත් බලන්නකෝ පොලිසියට රෙදි ගැලවෙන්න කියපු හැටි කට උත්තර නෑ

රට වෙනුවෙන් කෑ ගසනා චීවරධාරී සියල්ලම ජාතිවාදී බල්ලෝ කියූ ගාමිණී ට මාතරදී උන දේ - මෙන්න බලන්න

රට වෙනුවෙන් කතා කරනා හඬ නගනා භික්ෂුන් වහන්සේලා ජාතිවාදී චීවරධාරීන් බව ගාමිණි වියන්ගොඩ මහතා මාතර පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඒ බව හඬගා ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බවයි. ඒ අතරතුර නැගී සිටි පුද්ගලයෙකුගේ උණුසුම් අදහස් දැක්වීමක් සමඟ රැස්වීම ශාලාව උණුසුම් මුහුණුවරක් ගත්හ.


Wednesday, September 20, 2017

ජනාධිපති තාත්තාගේ සියලු අදායම් UNP ගිණුමකට! ඉහලින් නියෝගයක්


සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන් කරලියට පැමිණි ආකාරය ගත් කල චතුරිකා කරලියට පැමිණෙන්නේ වෙනස් ආකාරයකටය. ඒ “ජනාධිපති තාත්තා” විකුණා කාගේ හෝ සාක්කු පිරවීමේ අදහසක් පෙර දැරිවය.  අලුත්ම ආරංචිය වන්නේ  පොත විකුණා ලැබෙන මුදල  එක්සත් ජාතික පක්ෂ ගිණුමට බැර කරලීමට නියෝගයක් ඉහලින් ලැබී ඇති  බවයි. මිත්‍රත්ව යාත්‍රාව නම් දුප්පත් දරුවන්ගේ ගිණුමකට යැවීමට කලින්  පොරොන්දු වී තිබුනද එම තීරණය වෙනස් වී ඇත්තේ නොසිතු ලෙස අනිවාර්යෙන්ම පැවැත්විය යුතු පළාත් පාලන චන්දයට එක්සත් ජාතික පක්ෂය සතු මුදල්  ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බව පැවසේ.මුදල් ගෙවා හෝ චන්දය හරවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.